අද උදේ පන්තකට කතා කලාම ඇහුවා සත්තු වත්ත පැත්තෙවත් යමුද කියල? සත්තුවත්ත….ෂහ්…මරුනෙ කියල මම අසන්කටත් කතා කරල සෙට් කරගත්තා.මෙහෙමයි…සත්තු වත්තට ඇතුළු වෙන තැනම හිටියෙ පැස්බරා ල 3 දෙනෙක්!!ඔහොම බලාගෙන ගියා.සුදු ව්‍යාඝ්‍රයො දෙන්නෙක් අලුතින් සත්තු වත්තට අවිත් තිබ්බා.එ වගෙම මුහුදු සිංහයගෙ සෙල්ලම් ටික, ජිරාෆ් ල හිටිය තැන,ඒ වගෙම අමුතු චින්පන්සි වගෙ කලුයි සුදුයි වදුරො දෙන්නෙක් දාපු සෙල්ලම් ටික,ආ තව නියම දෙයක්…..චින්පන්සි එකෙක් තලගොයෙක්ගෙ නැට්ටෙන් අල්ලගෙන ඇදපු හැටි…අද ගමනෙ මගෙ සිත් ගත්තු තැන් කිහිපයක්!කොහොමහරි හවස 4.30 විතර වෙනකොට අපි සත්තු වත්තෙන් එලියට අවිත් 176 ක නැග්ගේ නුගේගොඩට එන්න…
එත් එනගමන් මට අපේ සත්තු වත්තෙ ඉන්න සත්තු ගැන පොඩි දුකක් ආවෙ ඉබේම වගේ.ඒ මොකද…අපේ සතුට වෙනුවෙන් ඒ අහිංසක සත්තු උන්ගෙ නිදහස කැප කරල තියෙනවද නේද කියල මට හිතුන නිසා.අපි කැමති වෙයිද…කූඩුවක හිරවෙලා ඉන්න තව සත්තු අපි දිහා බල බලා යනකොට! සත්තු වත්ත කියන සන්කල්පයට වඩා නෙචර් පාර්ක් සන්කල්පය අපේ රටට ගෙනාවොත් අපේ මෙ අහිංසක සත්තු ටිකට සුළු හෝ සාධාරණයක් වෙයි කියල මට හිතෙනව.ඒ එවැනි තැනක මෙ සත්තුන්ට මීට වඩා නිදහසක් තියෙන නිසා………………
[galler
හදිස්සියෙම සෙට් වුන ZOO ට්‍රිප් එක!!!
The URI to TrackBack this entry is: http://mithila85.wordpress.com/2010/03/07/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b8-%e0%b7%83%e0%b7%99%e0%b6%a7%e0%b7%8a-%e0%b7%80%e0%b7%94%e0%b6%b1-zoo-%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/trackback/















