විභාග අස්සෙ කොහොම හරි ජනවාරි 17 වැනිදා අපි ටික දෙනෙක් ලිප්ටන් සීට් යන්න සෙට් වුනා.ඔය තීරණය ගත්තේ විනාඩි 5 කින්.ඉතාම හදිසියෙන් සුදානම් කරගත් ගමනක් වුනා ඒක.මමමයි අයිඩියා එක කට්ටියට දැම්මෙ.අපායට යන්න උනත් මාත් එක්ක ඉන්න මගෙ බොඩිමේ හිටපු නුවන් වගේම ට්‍රිප් යන්න පටස් ගාල සෙට් වෙන අසන්කත් සුදිනිවත් කතා කරගෙන ගමන යන්න සෙට් වුනා.රජිතටත් කතා කලා.ඔන්න ඉතින් වැස්ස තිබ්බත් අපි අතැරියෙ නැ.පිටත් වුනා.එත් පුදුමයි.හපුතලේට වැස්සක ලකුනක් වත් නැ.අපි බස් එකේ පැය 1/2 විතර ගිහින් ඉතුරු ටික පයින්ම යන්න පිටත් වුනා.එත් ගමන ටිකක් දුරයි.එක යායට ලා කොල පාටට විහිදුන තේ වතු පාර දෙපැත්තේ.ඔහොම යනකොට අපිට බස් එකක් මුන ගැහිලා.ඉතුරු ටික බස් එකේ ගියා…ගිහින් බස් එක නවත්තන තැනටම ගියා.එතනින් එහාට ඉතින් පයින් තමා.ලස්සන පින්තූර ටිකකුත් ගන්න පුලුවන් වුනා!උඩට ගියාම…ඈත පේනව ලස්සනට!අපේ මේ පුංචි ශ්‍රී ලංකාව කොච්චර ලස්සන ගොඩාක් සුන්දර ස්ථාන තියෙන පාරාදීසයක්ද….?
අපි ලිප්ටන් සීට් ගිය ගමන!
The URI to TrackBack this entry is: http://mithila85.wordpress.com/2010/03/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%8a%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%93%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1/trackback/
















