අපි ලිප්ටන් සීට් ගිය ගමන!

විභාග අස්සෙ කොහොම හරි ජනවාරි 17 වැනිදා අපි ටික දෙනෙක් ලිප්ටන් සීට් යන්න සෙට් වුනා.ඔය තීරණය ගත්තේ විනාඩි 5 කින්.ඉතාම හදිසියෙන් සුදානම් කරගත් ගමනක් වුනා ඒක.මමමයි අයිඩියා එක කට්ටියට දැම්මෙ.අපායට යන්න උනත් මාත් එක්ක ඉන්න මගෙ බොඩිමේ හිටපු නුවන් වගේම ට්‍රිප් යන්න පටස් ගාල සෙට් වෙන අසන්කත් සුදිනිවත් කතා කරගෙන ගමන යන්න සෙට් වුනා.රජිතටත් කතා කලා.ඔන්න ඉතින් වැස්ස තිබ්බත් අපි අතැරියෙ නැ.පිටත් වුනා.එත් පුදුමයි.හපුතලේට වැස්සක ලකුනක් වත් නැ.අපි බස් එකේ පැය 1/2 විතර ගිහින් ඉතුරු ටික පයින්ම යන්න පිටත් වුනා.එත් ගමන ටිකක් දුරයි.එක යායට ලා කොල පාටට විහිදුන තේ වතු පාර දෙපැත්තේ.ඔහොම යනකොට අපිට බස් එකක් මුන ගැහිලා.ඉතුරු ටික බස් එකේ ගියා…ගිහින් බස් එක නවත්තන තැනටම ගියා.එතනින් එහාට ඉතින් පයින් තමා.ලස්සන පින්තූර ටිකකුත් ගන්න පුලුවන් වුනා!උඩට ගියාම…ඈත පේනව ලස්සනට!අපේ මේ පුංචි ශ්‍රී ලංකාව කොච්චර ලස්සන ගොඩාක් සුන්දර ස්ථාන තියෙන පාරාදීසයක්ද….?

Published in: on March 6, 2010 at 5:50 pm  Leave a Comment  

ෆයර් ෆොක්ස් ගැන ලියන්න කොන්ත්‍රාත්තුවක්!

ඩනිශ්ක අය්යා,චැට් එකේ ඉන්න කොට පොඩි කොන්ත්‍රාත්තුවක් දුන්නා…ෆයර් ෆොක්ස් ගැන නෝට් එකක් හන්තාන ප්‍රොජෙක්ට් එකට ලියන්න.එක පටන් ගන්න යන්නේ.මමම කියල ඉල්ලගත්තා ඩෙඩ් ලයින් එකක්.නැත්තම් මම ඕක හැමදාම කල් දමදමා ඉන්නවනේ!බලමු කොහෙන්ද පටන් ගන්නෙ කියල!

Published in: on March 6, 2010 at 5:12 pm  Leave a Comment  

අවුරුදු ගනනකට පස්සේ රොටරියට……….

අද නුගේගොඩට ගිය වෙලාවෙ රොටරියට හැරෙන තැනින් යන කොට හිතුනා රොටරිය පැත්තට ගිහිල්ල එන්න..ඉතින් සරසවි බුක් ෂොප් එක
ලගින් හැරුනා..ආ දැන්…ඒකත් රොටරියට යන පාරට ගෙනහිල්ලා…ඔහොම ඉතින් ගිය පාර දිගටම…..ඔහොම යනකොට ඉතින්..ඉස්සර ඔය පාරේ තනියෙම වගේම සෙට් එකත් එක්ක ක්ලාස් ගිය හැටි මතක් වුනේ හරියට නිකන් අද ඊයේ ගියා වගෙනේ…කාලෙ ගිහින් තියෙන ඉක්මන් !මම ඉතින් ගියා…ඉස්සරහට…ගේට්ටුවෙන් අතුල් වෙලා..ගියා ඇතුලට…ඒත් රොටරිය ලොකු වෙනසක් පෙනුනේ නෑ…ඉස්ස්සර වැඩ කල අයත් හිටියා.රොටරිය ඒ වගේමයි…මම ටික වෙලාවකට අවුරුදු 9 කට විතර අතීතයට ගියා වගෙ මට දැනුනා! මම පොඩ්ඩක් කැරකිලා අපහු හැරුනා..මම ආපහු එන ගමනුත් හිත හිත අවෙ මම ඉස්සර ක්ලාස් ගිය හැටි!

Published in: on March 6, 2010 at 5:01 pm  Leave a Comment  
Follow

Get every new post delivered to your Inbox.