වෛද්‍යවරයකු සහ මොටර් කාර්මිකයකු අතර සිදුවූ සංවාදයක්!!!!

වෛද්‍යවරයා : බාසුන්නැහැ මගේ මේ වහනේ මොකද්ද වෙලා තියෙන්නේ කියල බලන්නකෝ…..
මොටර් කාර්මිකයා : ආ එන්න දොස්තර මහත්තයෝ..අපි බලමු මොකද්ද වෙල තියෙන්නේ කියල….දොස්තර
මහත්තයෝ වැඩේ ටිකක් දුර ගිහින්….මුලු ඇන්ජිමම ගලවන්න වෙයි!! කමක් නෑ මම කරල දෙන්නම්…මහත්තයා ටිකක් අර පැත්තෙන් වාඩි වෙලා ඉන්නකො…

ටික වෙලාවකට පසුව………..

මොටර් කාර්මිකයා : ඔන්න දොස්තර මහත්තයෝ…වැඩෙ හරි….
වෛද්‍යවරයා : බාසුන්නැහැ නම් හැබෑ දක්ෂයෙක් නේ…..!
මොටර් කාර්මිකයා : ඕන ඇන්ජිමක් දෙන්න මට මම හදල දෙන්නම්! එක නෙමෙයි දොස්තර මහත්තයෝ…මම මේ කල්පනා කලේ මමයි ඔබ තුමයි කරන්නේ එකම වගෙ වැඩ දෙකක් නේ….එත් ඔබ තුමාටයි මටයි ගෙවන ගාන වෙනස් නේ!!!!!!ඇයි එකට හේතුව?
වෛද්‍යවරයා :බාසුන්නැහැට පුලුවන්නම් ඇන්ජිම ස්ටාර්ට් එකේ තියෙද්දී වාහනේ ගලවල හදල දෙන්නකෝ!

වෛද්‍යවරයකු යනු කවරෙක්ද යන්න වටහා ගැනීමට මෙය සුළු වශයෙන් හෝ දායක වනු ඇතැයි සිතමි!

Published in: on March 8, 2010 at 4:34 am  Comments (4)  

හදිස්සියෙම සෙට් වුන ZOO ට්‍රිප් එක!!!

අද උදේ පන්තකට කතා කලාම ඇහුවා සත්තු වත්ත පැත්තෙවත් යමුද කියල? සත්තුවත්ත….ෂහ්…මරුනෙ කියල මම අසන්කටත් කතා කරල සෙට් කරගත්තා.මෙහෙමයි…සත්තු වත්තට ඇතුළු වෙන තැනම හිටියෙ පැස්බරා ල 3 දෙනෙක්!!ඔහොම බලාගෙන ගියා.සුදු ව්‍යාඝ්‍රයො දෙන්නෙක් අලුතින් සත්තු වත්තට අවිත් තිබ්බා.එ වගෙම මුහුදු සිංහයගෙ සෙල්ලම් ටික, ජිරාෆ් ල හිටිය තැන,ඒ වගෙම අමුතු චින්පන්සි වගෙ කලුයි සුදුයි වදුරො දෙන්නෙක් දාපු සෙල්ලම් ටික,ආ තව නියම දෙයක්…..චින්පන්සි එකෙක් තලගොයෙක්ගෙ නැට්ටෙන් අල්ලගෙන ඇදපු හැටි…අද ගමනෙ මගෙ සිත් ගත්තු තැන් කිහිපයක්!කොහොමහරි හවස 4.30 විතර වෙනකොට අපි සත්තු වත්තෙන් එලියට අවිත් 176 ක නැග්ගේ නුගේගොඩට එන්න…
එත් එනගමන් මට අපේ සත්තු වත්තෙ ඉන්න සත්තු ගැන පොඩි දුකක් ආවෙ ඉබේම වගේ.ඒ මොකද…අපේ සතුට වෙනුවෙන් ඒ අහිංසක සත්තු උන්ගෙ නිදහස කැප කරල තියෙනවද නේද කියල මට හිතුන නිසා.අපි කැමති වෙයිද…කූඩුවක හිරවෙලා ඉන්න තව සත්තු අපි දිහා බල බලා යනකොට! සත්තු වත්ත කියන සන්කල්පයට වඩා නෙචර් පාර්ක් සන්කල්පය අපේ රටට ගෙනාවොත් අපේ මෙ අහිංසක සත්තු ටිකට සුළු හෝ සාධාරණයක් වෙයි කියල මට හිතෙනව.ඒ එවැනි තැනක මෙ සත්තුන්ට මීට වඩා නිදහසක් තියෙන නිසා………………
[galler

Published in: on March 7, 2010 at 4:42 pm  Leave a Comment  

අපි ලිප්ටන් සීට් ගිය ගමන!

විභාග අස්සෙ කොහොම හරි ජනවාරි 17 වැනිදා අපි ටික දෙනෙක් ලිප්ටන් සීට් යන්න සෙට් වුනා.ඔය තීරණය ගත්තේ විනාඩි 5 කින්.ඉතාම හදිසියෙන් සුදානම් කරගත් ගමනක් වුනා ඒක.මමමයි අයිඩියා එක කට්ටියට දැම්මෙ.අපායට යන්න උනත් මාත් එක්ක ඉන්න මගෙ බොඩිමේ හිටපු නුවන් වගේම ට්‍රිප් යන්න පටස් ගාල සෙට් වෙන අසන්කත් සුදිනිවත් කතා කරගෙන ගමන යන්න සෙට් වුනා.රජිතටත් කතා කලා.ඔන්න ඉතින් වැස්ස තිබ්බත් අපි අතැරියෙ නැ.පිටත් වුනා.එත් පුදුමයි.හපුතලේට වැස්සක ලකුනක් වත් නැ.අපි බස් එකේ පැය 1/2 විතර ගිහින් ඉතුරු ටික පයින්ම යන්න පිටත් වුනා.එත් ගමන ටිකක් දුරයි.එක යායට ලා කොල පාටට විහිදුන තේ වතු පාර දෙපැත්තේ.ඔහොම යනකොට අපිට බස් එකක් මුන ගැහිලා.ඉතුරු ටික බස් එකේ ගියා…ගිහින් බස් එක නවත්තන තැනටම ගියා.එතනින් එහාට ඉතින් පයින් තමා.ලස්සන පින්තූර ටිකකුත් ගන්න පුලුවන් වුනා!උඩට ගියාම…ඈත පේනව ලස්සනට!අපේ මේ පුංචි ශ්‍රී ලංකාව කොච්චර ලස්සන ගොඩාක් සුන්දර ස්ථාන තියෙන පාරාදීසයක්ද….?

Published in: on March 6, 2010 at 5:50 pm  Leave a Comment  

ෆයර් ෆොක්ස් ගැන ලියන්න කොන්ත්‍රාත්තුවක්!

ඩනිශ්ක අය්යා,චැට් එකේ ඉන්න කොට පොඩි කොන්ත්‍රාත්තුවක් දුන්නා…ෆයර් ෆොක්ස් ගැන නෝට් එකක් හන්තාන ප්‍රොජෙක්ට් එකට ලියන්න.එක පටන් ගන්න යන්නේ.මමම කියල ඉල්ලගත්තා ඩෙඩ් ලයින් එකක්.නැත්තම් මම ඕක හැමදාම කල් දමදමා ඉන්නවනේ!බලමු කොහෙන්ද පටන් ගන්නෙ කියල!

Published in: on March 6, 2010 at 5:12 pm  Leave a Comment  

අවුරුදු ගනනකට පස්සේ රොටරියට……….

අද නුගේගොඩට ගිය වෙලාවෙ රොටරියට හැරෙන තැනින් යන කොට හිතුනා රොටරිය පැත්තට ගිහිල්ල එන්න..ඉතින් සරසවි බුක් ෂොප් එක
ලගින් හැරුනා..ආ දැන්…ඒකත් රොටරියට යන පාරට ගෙනහිල්ලා…ඔහොම ඉතින් ගිය පාර දිගටම…..ඔහොම යනකොට ඉතින්..ඉස්සර ඔය පාරේ තනියෙම වගේම සෙට් එකත් එක්ක ක්ලාස් ගිය හැටි මතක් වුනේ හරියට නිකන් අද ඊයේ ගියා වගෙනේ…කාලෙ ගිහින් තියෙන ඉක්මන් !මම ඉතින් ගියා…ඉස්සරහට…ගේට්ටුවෙන් අතුල් වෙලා..ගියා ඇතුලට…ඒත් රොටරිය ලොකු වෙනසක් පෙනුනේ නෑ…ඉස්ස්සර වැඩ කල අයත් හිටියා.රොටරිය ඒ වගේමයි…මම ටික වෙලාවකට අවුරුදු 9 කට විතර අතීතයට ගියා වගෙ මට දැනුනා! මම පොඩ්ඩක් කැරකිලා අපහු හැරුනා..මම ආපහු එන ගමනුත් හිත හිත අවෙ මම ඉස්සර ක්ලාස් ගිය හැටි!

Published in: on March 6, 2010 at 5:01 pm  Leave a Comment  

මගේ අවුරුදු සුබ පැතුම………………….!

සෑම දෙනාටම ලබන්නාවූ 2010 නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා………………!
Wish you all a Happy New Year……….!!

Published in: on January 1, 2010 at 9:01 am  Leave a Comment  

ඉතින්….ආයුබෝවන් සියලුම දෙනාටම!!!!!!

අන්තර්ජාලයේ කරක් ගහල කරක් ගහල.. මේ මිථිලගේ…(වෙ )බ් ලොග් සටහන්…… . පැත්තට එන්න හිතුනට…ඉතින් බොහෝම ස්තූතියි.

Published in: on December 27, 2009 at 6:10 pm  Comments (1)  
Follow

Get every new post delivered to your Inbox.